Tuesday, April 23, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ හතර වන දිනය අද




දකුණු අප‍්‍රිකාවේ පෝර්ට් එළිසබත් හි පැවැත්වෙන ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ හතර වන දිනය අදයි.

ඊයේ (28) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන දකුණු අප‍්‍රිකාව කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 351ක් රැස්කරගෙන සිටියා.

පළමු ඉනිමේදී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 286 ක්. ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 205 කට සීමා වුණා.

ඒ අනුව දකුණු අප‍්‍රිකාව මේ වන විට සිටින්නේ තවත් කඩුලු 5ක් අතැතිවයි.


ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන්

(Dec 28, 2016 @ 14:54)

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ශ‍්‍රී ලංකා පළමු ඉනිම අද දිනයේ ලකුණු 205 කට සීමා වුණා.

ශ‍්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වා ලකුණු 43 ක් රැස්කළා.

පන්දුවෙන් දස්කම් දැක්වූ වර්නන් පිලෙන්ඩර් ලකුණු 45කට කඩුලු 5 ක් බිඳහෙලුවා.

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිමේදී ලකුණු 286 ක් රැස්කළා. ඒ අනුව දකුණු අප‍්‍රිකාව ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 81 ක් ඉදිරියෙන් සිටිමින් මේ වන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙනවා.