Thursday, April 25, 2024

General line - 0115112241

‘මටත් දුක්ගැනවිල්ලක් තියෙනවා’




වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් අත්අඩංගුවට ගැනීමේ අනුපිළිවෙළ සම්බන්ධයෙන් තමන්ට ද ගැටලුවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදීයි. නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බවද මෙහිදී අවධාරණය කෙරුණා.

කෙසේවෙතත් අනුපිළිවෙල සම්බන්ධයෙන් තමාටත් දුක්ගැනවිල්ලක් ඇති බවත් මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා මාස 06 ක් ගතවීමත් කාලය වැඩි පුර ගැනීමක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.