Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය ඔලිම්පික් සම්මේලනයේ අවුලක්




දූෂණ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයින් දෙදෙනෙකුට ඉන්දියානු ඔලිම්පික් සම්මේලනයේ යාවජීව පදවි පිරිනැමීම හේතුවෙන් එරට ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මෙලෙස ඉන්දියානු ඔලිම්පික් සම්මේලනයේ යාවජීව පදවි පිරිනමා තිබෙන දේශපාලනඥයින් දෙදෙනා වන්නේ සුරේෂ් කල්මඩි සහ අබේ සිං චෞඨාලායි.

මෙම පත්කිරීම් කිසිසේත් පිළිගත නොහැකි බව ඉන්දීය ක‍්‍රීඩා අමාත්‍ය විජේ ගොඑල් ප‍්‍රකාශ කළා.

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය අජේ මාකන් කියා සිටියේ අදාළ පත්කිරීම් අවලංගු කරන්නැයි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවයි.

ඉන්දීය ඔලිම්පික් සම්මේලනයට සිදුවන මෙවැනි දේශපාලන අතපෙවීම් සැලකිල්ලට ගෙන ඉකුත් 2012 වසරේදී එහි සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද පියවර ගත්තා.