Thursday, April 25, 2024

General line - 0115112241

අවසන් දිනය අද..වැඩි වාසි දකුණු අප්‍රිකාවට




ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි. තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය තුළ තවත් ලකුණු 248 ක් ලබාගත යුතු වනවා.

ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලූ පහක් පමණයි.

දකුණු අප්‍රිකාවේ පෝර්ට් එළිසඛෙත්හි සෙන් ජෝර්ජස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකානු පළමු ඉණිම ලකුණු 286 යි. දෙවන ඉණිමේ දී ඔවුන් කඩුලූ 6 ක් දැවී ලකුණු 406 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 205 යි. ඊයේ තරගය නතර කරන විට දෙවන ඉණිම සඳහා ඔවුන් කඩුලූ පහක් දැවී ලකුණු 240 ක් ලබාගෙන සිටියා.