Friday, March 29, 2024

General line - 0115112241

සීතල යුද්ධය උණුසුම් වෙයි – ඔබාමා රුසියානු නිළධාරීන් 35ක් ඇමරිකාවෙන් පිටුවහල් කරයි




රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තිස්පස් දෙනෙකු අමෙරිකාවෙන් පිටුවහල් කර තිඛෙනවා.

බී බී සී ලෝක සේවය පවසන්නේ ඉකුත්දා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයට අයථා බලපෑම් කිරීමේ චෝදනා මත අමෙරිකාව මෙම තීරණය ගෙන ඇති බවයි.

අදාළ රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අමෙරිකාවෙන් පිටත්ව යාමට පැය 72 ක කාලයක් ලබාදී තිඛෙනවා.

කෙසේ වෙතත් රුසියාව පවසන්නේ චෝදනා නගන ආකාරයේ මැදිහත්වීමක් තමන් අමෙරිකානු ජනාධිපතිවරණයට නොකළ බවයි.

සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිටුවහල් කිරීමට අමෙරිකාව ගත් තීරණය පාතාලයේ හැසිරීමක් බව ද රුසියාව පවසනවා.