Thursday, March 28, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකාවට ලකුණු 206ක ජයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 206ක ජයක් වාර්තා කිරීමට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ලකුණු 488ක ඉලක්කයක් හඹාගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 281ක් පමණයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 59ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 58ක් රැස්කළා. පන්දු යැවීමේදී කගිසො රබාඩා ලකුණු 77කට කඩුලු 3ක් දවාගත්තා.

මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම ලකුණු 286ක් රැස්කළ අතර, ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 205ක් පමණයි.

දකුණු අප‍්‍රිකාව දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6කට ලකුණු 406ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. තරගය පැවැත්වුණේ පෝර්ට් එළිසබත් හිදීයි.

South African players celebrate the dismissal of Sri Lanka batsman Kusal Janith Perera (front) during the fourth day of the first Test between South Africa and Sri Lanka on December 29, 2016 at the Port Elizabeth cricket ground in Port Elizabeth.  / AFP PHOTO / GIANLUIGI GUERCIA

Sri Lanka batsman Dimuth Karunaratne (R) plays a shot during the fourth day of the first Test between South Africa and Sri Lanka on December 29, 2016 at the Port Elizabeth cricket ground in Port Elizabeth. / AFP / GIANLUIGI GUERCIA        (Photo credit should read GIANLUIGI GUERCIA/AFP/Getty Images)

256928 256961