Friday, April 19, 2024

General line - 0115112241

අවංලගු කළ ඉන්දීය මුදල් නෝට්ටු තැන්පත් කිරීම අදින් අවසන්




ඉන්දීය රජය මගින් අවලංගු කරන ලද මුදල් නෝට්ටු බැංකුවල තැන්පත් කිරීම සඳහා එරට ජනතාවට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.

ඉන්දියානු රුපියල් දහසේ සහ පන්සීයේ නෝට්ටු අවලංගු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් දා හදිසියේ නිවේදනය කළා.

ඉන් දින 5කට පසු අදාළ නෝට්ටුවල නීත්‍යානුකුලභාවය අවසන් වීමට නියමිතව තිබුණා.

මේ හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන අවලංගු කෙරුණු මුදල් නෝට්ටු බැංකුවල තැන්පත් කිරීමට අද දිනය දක්වා අවස්ථාව ලබාදීමටයි ඉන්දීය රජය තීරණය කළේ.

බදු පැහැරහැරීම සහ මූල්‍ය දූෂණ මැඩලීමේ අරමුණින් ඉන්දීය රජය මෙම කි‍්‍රයාමාර්ගය ගෙන තිබුණා.