Friday, April 19, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහිව නවගමුවේදී දේව කන්නලව්වක් (PHOTOS)




වත්මන් ආණ්ඩුවේ ජනතාවට අවැඩදායක ක‍්‍රියා වහාම නතර කර දෙන්නැයි ද එසේ නොකරන්නේ නම් ආණ්ඩුව පලවා හැර ජනතා හිතවාදී නව ආණ්ඩුවක් බිහි කිරීමට ආශිර්වාදය ලබා දෙන්නැයි ද ඉල්ලමින් දේවාල 03ක දී අද දේව කන්නලව් සිදු කෙරුණා . ඒ, සීනිගම දේවාලයේදී, මුන්නේෂ්වරම් දේවාලයේදී සහ නවගමුව පත්තිනි දේවාලයේදීයි.

ජාති හිතෛෂී ජනතා හඬ සංවිධානය විසින් මෙම දේව කන්නලව්ව සංවිධාන කර තිබුණු අතර එහි සාමාජිකයෙකු වන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී එස්. ඒ. ඩී. ජගත් කුමාර දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“අද අපි නවගමුව පත්තිනි දේව මෑණියන් ඉදිරියේ දේව කන්නලව්වක් කරලා ,  මේ රටට වින කරන මේ ආණ්ඩුව ගෙදර යවලා , රටට වැඩකරන්න පුළුවන්, ජාතියට වැඩකරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ලබන වර්ෂය තුළ අලුත් ගමනක් ආරම්භ කරන්න අපි දේව මෑණියන්ගෙන් ආශිර්වාදය ඉල්ලා සිටියා”.

එම හඬපටය පහතින් ඇසිය හැකියි.

ආණ්ඩුවට විරෝධය පල කරමින් මීට පෙර ද විවිධ පාර්ශව විසින් මෙවැනි දේව කන්නලව් හා පොල් ගැසීම් සිදු කළා.

navagamuwa-1 navagamuwa-2 navagamuwa-3 navagamuwa-4 navagamuwa-5 navagamuwa-6 navagamuwa-7 navagamuwa-8 navagamuwa-9 navagamuwa-10 navagamuwa-11