Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා තවත් ක‍්‍රිකට් තරුවක් බංග්ලාදේශ කණ්ඩායමට




බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු බලඇණියට එක්වීම සඳහා චමින්ද වාස්ට ආරාධනා ලැබී තිබෙනවා.

මේ වන විට එහි ප‍්‍රධාන පුහුණුුකරුවා ලෙස කටයුතු කරන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ සහාය පුහුණුකරු ලෙස ද, මාරියෝ විල්ලවරායන් අභ්‍යාසක පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.

චමින්ද වාස්ට ආරාධනා ලැබී තිබෙන්නේ වේගපන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමටයි. මේ සඳහා චමින්ද වාස් ද කැමැත්ත පළ කර තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. කලක් ඔහු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ද වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළා.