Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකාවට එකට එක නොකිරීමට රුසියාව තීරණය කරයි




කිසිදු අමෙරිකානු තානාපති නිලධාරියෙකු සිය රටෙන් නෙරපා නොහරින බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් 35 දෙනෙකු නෙරපා හරින ලෙස රුසියානු විදේශ අමාත්‍යංශය කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින්.

රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය මෙම ඉල්ලීම සිදුකළේ අමෙරිකාවේ රාජකාරී කළ රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට අමෙරිකාව ගත් තීරණයට ප‍්‍රතිචාර ලෙසයි.