Friday, March 29, 2024

General line - 0115112241

නවසීලන්ත බංග්ලාදේශ තරගාවලියේ ජය නවසීලන්තයට




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (31) සමත් වුණා. ඒ, දෙරට අතර පැවති තුන්වන එක්දින තරගය කඩුලූ 8කින් ජයගනිමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලූ 9ක් දැවී ලකුණු 236ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 2කදී කඩුලූ 2ක් දැවී ලකුණු 239ක් වාර්තා කරමින් තරගයේ ජය වාර්තා කළා. වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ නීල් බෲම් පන්දු 97කදී ලකුණු 97ක් රැස්කළා. කේන් විලියම්සන් නොදැවී ලකුණු 95ක් රැස්කළේ පන්දු 116කදීයි.