Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්! ඊශ්‍රායලය අනතුරු අඟවයි




නව වසර උදාවේදී ඉන්දියාවට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට ඊශ‍්‍රායලය අනතුරු අඟවා තිබෙනවා. ඒ, ඉන්දියාවේ සංචාරය කරන ඊශ‍්‍රායලයේ වැසියන් වෙතයි. නිරිත දිග ඉන්දියාවේ මුහුදු තීරයන් , සමාජ ශාලා හෝ වෙළෙඳපොළ ඉලක්ක කර එවැනි ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවටයි ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය කාර්යාලය අනතුරු අඟවා ඇත්තේ.

ඉන්දියාව ඊශ‍්‍රායල ජාතිකයින්ගේ ජනප‍්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙසයි සැලකෙන්නේ. පවතින තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ සංචාරය කිරීමේදී අදාළ කරුණු පිළිබ`ද අවධානය යොමුකරන ලෙසයි ඊශ‍්‍රායල බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.