Friday, March 29, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානු නායකයාගෙන් ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක්




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමෙන් පසු දකුණු අප‍්‍රිකානු නායක පෆ් ඩූ ප්ලෙසිස් එම තරගය පැවති ක‍්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් පිරිනමා තිබෙනවා.

ඒ, තණතීරුව දඟ පන්දු යවන්නන්ට උචින වන පරිදි සකස් නොකිරීම හේතුවෙන්.

රංගන හේරත්ගේ පන්දු යැවීම පිතිකරුවන්ට අභියෝගයක් බවත් තණතීරුව දඟ පන්දු යවන්නන්ට උචිත වන පරිදි සකස් කර තිබුණේ නම් එම අභියෝගය වඩාත් ප‍්‍රබල වන බවත් පෆ් ඩු ප්ලෙසිස් කියා සිටියා.

එහෙත් තණතීරුව දඟ පන්දු යවන්නන්ට උචිත පරිදි සකස් නොකිරීම නිසා පන්දුවට පහරදීම තමන්ට පහසු වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පොර්ට් එළිසබෙත්හි සෙන් ජෝර්ජස් පාර්ක් ක‍්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුණා.

256973