Saturday, April 20, 2024

General line - 0115112241

2017 උදාව ඇතැම් රටවලට බියකරු අත්දැකීමක් වෙයි (VIDEO)




ලොව පුරා වැසියන් උදා වූ 2017 නව වසර දැඩි උද්යෝගයකින් පිළිගත්තද ඇතැම් රටවලට නව වසර පිළිගැනීමට සිදුවූයේ ත‍්‍රස්ත තර්ජන සහ ත‍්‍රස්ත ප‍්‍රහාරවල බියකරු අත්දැකීමත් සමගයි.

ඉන්දියාවද ත‍්‍රස්ත තර්ජනයකට ලක්ව තිබෙනවා. ඉන්දියාවට සංචාරය නොකරන ලෙස ඊශ‍්‍රායල වැසියන්ට එරට රජය විසින් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබුණේ ඒ බව පදනම් කරගනිමින්.

නව වසර වෙනුවෙන් සැමරුම් සිදු කෙරෙමින් තිබියදී තුර්කියේ ස්ථාන්බුල් නුවර රාති‍්‍ර සමාජ ශාලාවකට ප‍්‍රහාරයක් එල්ල වී තිබෙන බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

පුද්ගලයින් 35 දෙනෙකු මෙම ප‍්‍රහාරයන් මියගොස් තිබෙනවා. තුවාල ලැබූ ගණන 40කට වැඩියි.

ඉරාකයේ බැග්ඩෑඞ් නුවරද ඊයේ (31) පිපිරීම් දෙකක් සිදු වුණා. පුද්ගලයින් 28 දෙනෙකු මෙම පිපිරීම්වලින් මියගිය බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.

(රාත්‍රි සමාජ ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ වීඩියෝවක් පහතින් දැක්වෙයි)