Thursday, April 25, 2024

General line - 0115112241

‘තෙරේසා මේ’ ඊයෙම වැඩ අරඹයි




බි‍්‍රතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස වැඩ භාරගත් තෙරේසා මේ, සිය රාජකාරි කටයුතු ඊයේ (13) දිනයේදීම ආරම්භ කළා.

ඒ, සිය නව රජයේ විදේශ ලේකම් ධුරය සඳහා බොරිස් ජොන්සන් පත්කරමින්. ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ බොරිස් ජොන්සන් බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ මැතිවරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන චරිතයක්.

මේ අතර බි‍්‍රතාන්‍යයේ නව චාන්සලර් ධුරය සඳහා නම් කිරීමද ඊයේ සිදුවුණා. එම ධුරයට පත්කර ඇත්තේ පිලිප් හැමෝන්ඞ්. මීට අමතරව නව රජයේ ප‍්‍රධාන තනතුරු දෙකක ලේකම් ධූර සඳහා පත් කිරීම්ද ඊයේ සිදුවුණා.

ඩේවිඩ් කැමරන්, බි‍්‍රතාන්‍ය අග‍්‍රමාත්‍ය ධුරයෙන් ඉවත්වීමත් සමග ‘තෙරේසා මේ’ එරට නව අග‍්‍රාමාත්‍යවරිය ලෙස පත්වුණා. බි‍්‍රතාන්‍ය ඉතිහාසයේ අග‍්‍රාමාත්‍ය ධුරය සඳහා පත් වූ දෙවන කාන්තාවද ඇයයි.

_90379386_2b3258ba-1af1-4bb2-aa89-89169aca7ae8 _90380001_a2088c50-54eb-4ecd-8181-e45baed67079 _90380005_033006205_90378335_48aab1b5-a710-43da-a3f2-071bda1fcbbb