Thursday, April 18, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ‘ඉලක්කය’ පෙන්වයි




2017, සාමයේ වසර බවට පත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසනවා.

ඒ, මහ ලේකම් ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව සිය පළමු දේශනය සිදු කරමින්.

පෘතුගාලයේ හිටපු ජනාධිපතිවරයෙකු ද වන ඔහු නව මහ ලේකම් ලෙස නිල වශයෙන් රාජකාරී ආරම්භ කළේ ඊයේ (01) දිනයේදීයි.

එහි දී ඇන්ටෝනියෝ ගුටේරස් පවසා ඇත්තේ සාමය ඇති කිරීම සඳහා පළමු පියවර තැබීම කඩිනමින් සිදු කළ යුතු බවයි.

එමෙන්ම ගැටුම්වලට මැදි වී සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකට පිහිට වන්නේ කෙසේදැයි තම හදවතේ ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය බව ද නව මහ ලේකම්වරයා ප‍්‍රකාශ කර තිබෙනවා. එක් මානව පවුලක් ලෙස අභිමානය සහ බලාපොරොත්තු ඇතිව සාමය වෙනුවෙන් ඇපකැප වීමට සූදානම් බව ද ඔහු පැවසුවා.

නව මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සාමය, සියල්ලන්ගේම ඉලක්කය සහ මාර්ගය විය යුතු බවයි.

67 හැවිරිදි වියේ පසුවන ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දා තෙක් කටයුතු කරනු ඇති.