Tuesday, April 23, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියානු දඟ පන්දු බලඇණිය මුත්තයියා භාර ගනී




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මුත්තයියා මුරලිදරන් එක්වී තිබෙනවා.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් මේ බව ප‍්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ද එක්ව සිිිටියා. එහිදි ඔහු තරගාවලියට ඇති සූදානම පිළිබද  අදහස් පළ කරමින් පැවසුවේ එංගලන්තයේ දේශගුණයට හුරු වී සිටි කණ්ඩායම යළිත් මෙම උණුසුම් දේශගුණික තත්ත්වයට හුරු වෙමින් හොඳින් ක්‍රීඩා කළ යුතු බවයි.

වේග පන්දු යවන්නන් වැඩිදෙනෙකු ආබාධවලට ලක්වීම, සිය කණ්ඩායමට අභියෝගයක් වී ඇති බවත් ඇන්ජලෝ මැතිව්ස් එහිදී ප‍්‍රකාශ කළා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 26 වැනිදා පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

13662577_10210073938911328_1416430433_o 13689376_10210073941151384_373934739_n