Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ නොසිතූ විරූ දියුණුවක් ගැන නීෂා බිස්වාල් කතා කරයි




ශී‍්‍ර ලංකාව ඉදිරියේදී නොසිතූ විරූ දියුණුවක් අත්කර ගනු ඇතැයි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය පවසනවා.

ඇය කියාසිටියේ ලෝකයේ බොහෝ රටවල් හා සැසදීමේදී ශී‍්‍ර ලංකාව මේ වනවිට ධනාත්මක ස්ථානයක සිටින බවයි. නිශා බිස්වාල් මහත්මිය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

එහිදී ඇය වැඩි දුරටත් සඳහන් කළේ ලෝකයේ බොහෝ රටවල දේශපාලන බෙදීම් ඇතිවෙමින් පවතින වාතාවරණයක ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය ඇති වී තිබෙන බවයි.