Saturday, April 20, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට සුබපැතුම්




උදාවූ නව වසරේ රාජකාරී අරඹන ප්‍රථම දිනය නිමිත්තෙන් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල කාර්යය මණ්ඩල හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවත්වුණා.

රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහි ලා පැවරෙන වගකීම් සපුරා ඉටුකරන බවට ජනාධිපති ලේකම් කාර්යාල කාර්යය මණ්ඩලය විසින් මෙහිදී ප්‍රතිඥා දී තිබෙනවා.

ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන්නට උදාවූ නව වසර තුළින් සියලු දෙනාට ශක්තිය, ධෛර්යය ලැබේවායි ද ලේකම්වරයා විසින් මෙහිදී සුබපැතුම් එක්කර ඇත.

මෙම හමුවට ජනාධිපති කාර්යාලයේ සමස්ත කාර්යය මණ්ඩලය සහභාගී වී සිටියා. එම අවස්ථාව පහතින් දැක්වේ.

pb-www-nethnews-lk001 pb-www-nethnews-lk002 pb-www-nethnews-lk003 pb-www-nethnews-lk004 pb-www-nethnews-lk005 pb-www-nethnews-lk006