Saturday, April 20, 2024

General line - 0115112241

ගාමිණී අතුකෝරළ සිහි කරමින් පින්කම් රැසක්




අභාවප‍්‍රාප්ත ගාමිණී අතුකෝරළ සිහි කරමින් (01) වන දින කහවත්ත පුරාණ විහාරය මූලික කර ගනිමින් පින්කම් රැසක් පැවැත්වුණා.

මෙහිදී කහවත්ත පුරාණ විහාරයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිකර පූජාවන් සිදු කල අතර, නිවිතිගල ආසනයේ අසරණ පවුල් 12ක් වෙනුවෙන් ගාමිණී අතුකෝරළ පදනම මගින් අංග සම්පූර්ණ නිවාස ඉදිකොට නිවාස වල යතුරු භාර දීමත් සිදු කෙරුණා.

මීට අමතරව නිවිතිගල ආසනයේ කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් නිළ ඇඳුම් බෙදා දුන් අතර, පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් පොත්පත්ද ලබා දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ උපනායකයෙකු, පක්ෂයේ මහ ලේකම් වරයෙක, හිටපු අමාත්‍යවරයෙකු ලෙස කි‍්‍රයාකළ ගාමිණී අතුකෝරල මැතිතුමා 2002 01-01 වන දින අභාවප‍්‍රාප්ත වුණා.

gamini-www-nethnews-lk001 gamini-www-nethnews-lk002 gamini-www-nethnews-lk003 gamini-www-nethnews-lk004 gamini-www-nethnews-lk005 gamini-www-nethnews-lk006 gamini-www-nethnews-lk007 gamini-www-nethnews-lk008 gamini-www-nethnews-lk009 gamini-www-nethnews-lk010 gamini-www-nethnews-lk011 gamini-www-nethnews-lk012