Thursday, April 25, 2024

General line - 0115112241

තිරසර යුගයක සංවර්ධන දැක්ම එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්




දිළිඳුකම පිටුදැකීමේ කාර්යභාරයේදී ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය ප‍්‍රමුඛ සාධකයක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසනවා.

තිරසර යුගයක සංවර්ධන දැක්ම එළිදැක්විමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රටට අවශ්‍ය වන්නේ බලයේ සිටින අය බලය තහවුරු කරගැනිමට හෝ බලයට ඒමට සිටින අය බලය ඉලක්ක කරගෙන වැඩ කිරිම නොව සියලු දෙනා සහෝදරත්වයකින් එක්ව වැඩ කිරිම බවද ජනාධපතිවරයා අවධාරණය කළා.

2030 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සැලසුම් කරන වැඩසටහන පිළිබඳ දළ සැලැස්ම මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තිරසර යුගයක් උපදේශක මණ්ඩලයේ කමිටු සමාජික මහාචාර්ය මොහාන් ගුණසිංහ මහතා වෙත පිරිනැමීමද සිදු කෙරුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන්, විදේශීය තානාපතිවරුන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13