Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය උඩු යටිකුරු වෙයි




ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) තීරණය කළා.

ඒ අනුව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපතිවරයාට අතුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන ලෙසත් සහකාර ලේකම් අමිතාබ් චවුද්රිට ලේකම්වරයා ලෙසත් කටයුතු කරන ලෙසයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කළේ.

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ලෝදා කමිටු වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සභාපතිවරයා සහ ලේකම්වරයා මෙලෙස ඉවත් කෙරුණා.