Saturday, April 20, 2024

General line - 0115112241

උතුරට එක හැන්දක් – දකුණට තව හැන්දක්




උතුරට සහ දකුණට දෙයාකාරයකින් සැළකීම මගින් වත්මන් ආණ්ඩුව නැති ජාතිවාදයක් වපුරමින් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ පැවසූවේ ඉකුත් කාල සීමාව තුළ සිදුවූ සිදුවීම් ගණනාවකින් එය පැහැදිලිවන බවයි.

“පසුගිය ජූනි මාසයේ ආණ්ඩුවේ වරදින් සාලාව යුධ හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම නිසා දේපල හානි වූ ජනතාවට අද වෙන තුරු නිසි පරිදි වන්දිගෙවා අවසන් කර නෑ. නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්නයේ ඇතුවූ ගින්නෙන් හානියට පත්වූ වෙළද සැල් වලටනම් ආණ්ඩුව යුහුසුලුව වන්දි ගෙවීමට කටයුතු කර තිබෙනවා.

“දකුණේ සිංහලයන්ට එක හැන්දකින් සහ උතුරේ දෙමළ ජනතාවට තව හැන්දකින් බෙදීම හරහා ආණ්ඩුව මේ රටේ නැති ජාතිවාදයක් වපුරමින් ඉන්නවා. දෙමළ ජනතාවගේ උද්ඝෝෂණයකදී පොලීසිය කිරි පැකට් වලින් සංග්‍රහා කරනවා. දකුණේ සිංහල අය උද්ඝෝෂණය කළොත් කිරි පැකට් නෙමේ පොලීසියෙන් දෙන්නේ ජල ප්‍රහාර. නැත්නම් බැටන් ප්‍රහාර”.

2017 වසර පාවාදීමේ වසර ලෙස නම් කළ හැකි බවද උදය ගම්මන්පිළ මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

“2017 සුබ නව වසරක් කී පමණින්ම මේ වසර සුබ වන්නේ නැහැ. මේ වසර අසුබම වසරක් ලෙස ඉතිහාස ගතවීමට නියමිතයි. මේ ආණ්ඩුව 2017 පාවාදීමේ වසර ලෙස නම් කරලා හමාරයි. ඒ නිසා 2017 වසර අපි පින්බිම සුරකින වසර ලෙස නම් කරනවා. මේ වසරෙදි ආණ්ඩුව මහා පාවාදීම් තුනක් කරන්න හදනවා. බොහෝවිට වසරේ පලවෙනි මාස 3 තුල මෙය සිදුවිය හැකියි. ඉන් පලමුවැන්න දෙමළ බෙදුම්වාදීන්ට අපේ රට පූජා කෙරෙන ෆෙඩරල් ව්‍යවස්ථාව ලබන මාර්තුමාසයේදී සම්මතකරගැනීමේ වෑයමක ආණ්ඩුව නිරතවෙලා ඉන්නවා. දෙවෙනි කාරණය තමයි මාර්තු මස වන විට එක්ටා ගිවිසුම අත්සන් කරලා ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවසථාවන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල ඉන්දියාවට පූජා කිරීමට නියමිතයි. තුන්වන කාරණය තමයි හම්බන්තොට චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවටත්, කොළඹ ප්‍රධාන ජැට් දෙකක් ඕස්ට්‍රේලියාව හරා ඇමරිකාවටත් ලබාදෙමින් මේ මව්බිම ලෝක බලවතුන් තුන්දෙනෙක්ගේ කෙළිබිමක් බවට පත්කිරීමටද නියමිතයි”.

15823438_10154854883854253_5193515005812934495_n

15823438_10154854883854253_5193515005812934495_n 15825784_10154854883949253_7237771807691935613_n 15825878_10154854883859253_175224698456416479_n