Thursday, April 25, 2024

General line - 0115112241

වාස් – රංගන සමවෙයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (02) දිනය නිමා වන විට පළමු ඉණිම කි‍්‍රඩා කරන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම කඩුළු 06ක් දැවි ලකුණු 296ක් රැස් කරගෙන සිටියා. ඩීන් එල්ගර් ලකුණු 129යි. ක්වීන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 68ක් රැස් කර සිටිනවා.

පන්දු යැවිමේදී ළහිරු කුමාර ලකුණු 86කට කඩුළු 03ක් දවා ගැනීමට සමත් වුණා. තරගය පැවැත්වෙන්නේ කේප්ටවුන්හිදීයි.

මේ අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් බිඳහෙලූ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය හිමි කරගෙන සිටි චමින්ද වාස්ගේ වාර්තාව සම කිරීමට රංගන හේරත් ඊයේ සමත් වුණා.

ඒ, දකුණු අප‍්‍රිකානු නායක ෆෆ් ඩූ ප්ලෙසිස් දවා ගනිමින්. මේ වන විට රංගන හේරත් සහ චමින්ද වාස් ටෙස්ට් කඩුළු 355 බැගින් දවා ගෙන තිබෙනවා.

01