Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් සටනට




දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනිමට සත්කාර ඉන්දියාව සහ බංග්ලාදේශය සමත් වුණා.

අවසන් පූර්ව තරගයේදී මාලදිවයින ගෝල 06ට බින්දුවක් ලෙස පරාජය කරමින් බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

සත්කාරක ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව තරගයේදී ගෝල 03ට එකක් ලෙස නේපාලය පරාජය කරමින්.

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්විමට නියමිතයි.

ශ‍්‍රී ලංකාවද මෙම තරගාවලියට සහභාගී වූ අතර එහිදී ඔවුන් මූලික වටයේදී ලබා ගත්තේ එක් ජයග‍්‍රහණයක් පමණයි.