Friday, April 19, 2024

General line - 0115112241

සයිටම් එකට එරෙහිව කොටුවේ රැය පහන් කරයි




මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹ කොටුවේ ආරම්භ කළ විරෝධතාව තවදුරටත් කි‍්‍රයාත්මකයි.

මෙම විරෝධතාවට එක්ව සිටින්නේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයයි. ඔවුන් ඊයේ (13) පෙරවරු 11.00 ට මෙම විරෝධතාව ආරම්භ කළා. ඒ, පැය 24 ක අඛණ්ඩ විරෝධයක් දැක්වීමේ අරමුණින්.

ඊයේ රාති‍්‍රය පුරාම සරසවි සිසුන් කොළඹ කොටුව බෝ ගහ ඉදිරිපිට මෙම විරෝධතාවේ නිරත වුණා. මේ පිළිබඳ අදහස් දැක්වු අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු සනත් බණ්ඩාර සඳහන් කළේ මෙම වැඩපිළිවෙල හකුලා ගන්නා තුරු අඛණ්ඩව විරෝධය දක්වන බවයි.