Friday, March 29, 2024

General line - 0115112241

ෆේස්බුක් නිර්මාතෘ ආගමක් ගැන හිතයි




මෙතෙක් අනාගාමිකයෙකු ලෙස තමන්ව හඳුන්වා ගත් ෆෙස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් අනාගමිකත්වය පිළිබඳව සිය දැක්ම වෙනස් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ,  ආගමක් පිළිබඳව අදහසක් තම ජීවිතයට පැමිණ ඇති බව මාක් සකර්බර්ග් සඳහන් කරන බවයි.

පසුගියදා නත්තල් දිනය වෙනුවෙන්ද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සුබ පැතුම් පණිවිඩයක් එක් කර තිබුණා. ඔහුගේ එම සුබ පැතුම් පණිවිඩයෙන් පසුව බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔබ අනාගාමිකයෙකු නොවේද යනුවෙනි.

තමා පසුගිය කාලසීමාවේදී ඒ පිළිබඳව ප්‍රශ්න කළ බවත් ඒ අනුව තමන් ආගම වැදගත් ලෙස විශ්වාස කරන බවත් ඔහු පවසා තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඇමෙරිකාවේ ඇතැම් වෙබ් අඩවි පෙන්වා දෙන්නේ ඔහුගේ බිරිඳ බෞද්ධාගමිකයෙකු වීම හේතුවෙන් සකර්බර්ගේ වැඩි අවධානයක් බුද්ධාගම වෙත යොමුව ඇති බවයි.

එසේම සකර්බර්ග් 2015 වසරේ කළ චීන සංචාරයේදී ඔහු චීනයේ ෂියෑන් හි බෞද්ධ විහාරස්ථානයක ආගමික වතාවත් සඳහාද එක්ව තිබු බව එම වාර්තා පෙන්වා දෙනවා.

12188973_10102443602003791_6506340474347175081_n 1483397376231 capture102522944