Friday, March 29, 2024

General line - 0115112241

අද සිට දින 04 ක් තද වැසි




අද (14) සිට ලබන 18 වැනිදා තෙක් දිවයින පුරා බොහෝ ප‍්‍රදේශවලට තද වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩි වශයෙන් වැසි අපේක්‍ෂා කෙරෙන්නේ මධ්‍යම කදුකරය ආශි‍්‍රත ප‍්‍රදේශවලටයි. එමෙන්ම දිවයිනේ සෙසු ප‍්‍රදේශවලටද ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුත්තලම සිට මන්නාරම, කංකසන්තුරේ සහ ති‍්‍රකුණාමලය හරහා මඩකලපුව දක්වා හා පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගයද වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.