Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති අතින් පත්වීම් ලබයි




වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පුහුණු කිරීමේ ශ්‍රේණියේ අඩවි වන නිළධාරින්ට සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ විධායක ශ්‍රේණියේ දෙපාර්තමේන්තුගත සහකාර අධ්‍යක්ෂවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු වුණා.

අඩවි වන නිලධාරින් 71 දෙනෙකු වෙත මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඊට එක් වුණා.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ විධායක ශ්‍රේණියේ දෙපාර්තමේන්තුගත සහකාර අධ්‍යක්ෂවරුන් 26 දෙනෙකුට ද මෙහිදි පත්වීම් ප්‍රදානය කෙරුණා.

මෙම අවස්ථාව අමතමින් ජනාධිපති ප්‍රකාශ කළේ රට සහ ජනතාව වෙනුවෙන් අවංකව සේවය කරමින් ජනතාවාදි සේවයක් සඳහා සියලු රාජ්‍ය සේවයකයින් කැපවිය යුතු බවයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක් පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ජනවාරි 08 වැනිදා සිට 14 වැනිදා දක්වා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා පිටත්ව යන ග්‍රාම සේවා නිළධාරින් 34 දෙනෙකුට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද මින් අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත වැඩසටහන ක්‍රීයාත්මක වන අතර ග්‍රාම නිලධාරින්ට විදේශ පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ මෙම ගුවන් ටිකට් පත් ප්‍රදානය කෙරුණා.

අමාත්‍ය වජිර අබේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

01 02 03 04 05 06 07