Friday, March 29, 2024

General line - 0115112241

දකුණු ආසියානු ශූරියන් කවුද ? තේරීම අද




දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (04) පැවැත්වෙනවා. ඒ, සත්කාරක ඉන්දියාව සහ බංග්ලාදේශය අතරයි.

මීට පෙර පැවති අවස්ථා හතරේදීම දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා. බංග්ලාදේශය එහි අවසන් තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙයයි.

මෙවර තරගාවලිය සදහා ශී‍්‍ර ලංකාව ඇතුළුව දකුණු ආසියානු රටවල් 7 ක් සහභාගි වුණා. ඒ, කාණ්ඩයෙන් තරග වැදුණු ශී‍්‍ර ලංකාව මෙවර ජයගත්තේ භූතානය සමග පැවති තරගය පමණයි.

මාලදිවයින, නේපාලය හමුවේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් පරාජයට පත් වුණා. මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ එරන්දි ලියනගේ ගෝල 2 ක්ද ප‍්‍රවිණා පෙරේරා සහ මහේෂිකා කුමුදුනී එක් ගෝලය බැගින් වාර්තා කළා.

15871392_10211819579591254_1489335424_n