Friday, March 29, 2024

General line - 0115112241

පිලිපීනයේ බන්ධනාගාරයකට අයි එස් ප‍්‍රහාරයක්




පිලිපීනයේ බන්ධනාගාරයකට එල්ල වූ ප‍්‍රහාරයකින් පසු රැඳවියන් 150 කට අධික පිරිසක් පලාගොස් තිබෙනවා.

ප‍්‍රහාරය එල්ල කරනු ලැබ ඇත්තේ එක් තුවක්කුකරුවෙකු විසින්. ප‍්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරියෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අයි එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි විශ්වාස කෙරෙන්නේ.

බන්ධනාගාරයේ ආරක්‍ෂාවට සිටි නිලධාරීන් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන අවස්ථාවේ රැඳවියන් පිරිස පලාගොස් තිබෙනවා.

කෙසේවෙතත් පලාගිය රැඳවියන් පිළිබද කිසිදු වාර්තාවක් නොමැති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

ඔවුන් යළි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක්ද කි‍්‍රයාත්මකයි.