Friday, March 29, 2024

General line - 0115112241

කුණු කෑ අලියා කුණු වලේම පණ අදී (PHOTOS)




අම්පාර දිඝවාපි ප‍්‍රදේශයේ අට්ඨාලචේන ප‍්‍රාදේශීය සභාවට අයත් කුණු ප්‍රතිචක්‍රීකරණය කරන මධ්‍යස්ථානයේ කුණුකසළ ආහාරයට ගනිමින් සිටි වන අලියෙක් එම ස්ථානයේම බරපතල ලෙස රෝගාතුරවී සිටින බව ප‍්‍රදේශවාසින් පෙන්වා දෙනවා.

දැනට දින දෙකක කාලයක් මෙම අලියා මෙම කුණු බැහැර කරන ස්ථානයේ වැටී සිටින අතර අම්පාර වනජිිවි සෞඛ්‍යය නිලධාරීන් පැමිණ මෙම වන අලියාට ප‍්‍රථිකාර ලබාදිම ආරම්භ කළා.

මීට පෙරද මෙම ස්ථානයේ කසළ ආහාරයට ගැනීම නිසා වන අලියෙකු මියගියා.  මෙම කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානය නිවරැදි ලෙස කළමණාකරණය නොකිරීම නිසා මෙම ස්ථානය වටා ඇති ආරක්ෂිත වැට කඩාගෙන වන අලින් මෙම ස්ථායට පැමිණෙනවා.

දිනපතාම වන අලි රංචුු පිටින් මෙම ස්ථානයට පැමිණ කසළ ආහාරයට ගැනීමට හුරුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

අසාධ්‍ය තත්ත්වයෙන් වැතිරී සිටින මෙම වන අලියාට ප‍්‍රථිකාර කිරිම අම්පාර වනජිවි සෞඛ්‍යය ඒකකයේ පශූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර, අඩවි ආරක්ෂක කිත්සිරි මෙවන් ඇතුලු වනජිවි නිළධාරින් විසින් ප‍්‍රථිකාර කරනු ලබනවා.

a-2 a-3 a-7 a-8 a1 a4 a5 a6