Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට 507 ක ඉලක්කයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

අද දිනයේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවා.

දකුණු අප‍්‍රිකානු දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩින් එල්ගර් ලකුණු 55 ක් රැස්කළා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 69 ට කඩුලු 4යි.  ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 507 ක්.

එම ඉලක්කය හඹායන ශ‍්‍රී ලංකා කණ්ඩායම තේ පානය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා සිටියා. දිමුත් කරුණාරත්න ලකුණු 6 කට දැවී ගියා.