Tuesday, April 23, 2024

General line - 0115112241

‘ඒකාබද්ධ විපක්ෂයෙන් පනින අය හඳුනගත්තා’




ඒකාබද්ධ විපක්‍ෂය ජයග‍්‍රහණය කරවිය හැකි නායකයෙකු දෙවන පෙළෙහි නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ට සිිටින හොඳ නායකයෙකු බවයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට ඉකුත් සමයේ විවිධ ආරංචි පැතිර ගිය අතර මෙහිදි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඒ සම්බන්ධයෙන්ද ප‍්‍රශ්න කෙරුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් හෙතෙම සඳහන් කළේ එසේ ආණ්ඩුවට එක්වන පිරිස් කවුරුන්දැයි ඒකාබද්ධ විපක්ෂයෙන්ද හඳුනාගෙන ඇති බවයි. ආණ්ඩුවේ ඇමතිකම් නොදරන සියලු මන්ත්‍රීවරු ඒකාබද්ධ විපක්ෂයේ නොවන බවත් ඒකාබද්ධ විපක්ෂයේ 51 දෙනාගෙන් කිසිවෙකුත් එසේ ආණ්ඩුවට එක් නොවන බවත් සඳහන් කළා.

(එම හඬපටය පහතින් අහන්න)