Friday, April 19, 2024

General line - 0115112241

වයස 105 ක සීයා පැයකින් තැබූ වාර්තාව (VIDEO)




වයස අවුරුදු 105 ක් වන පුද්ගලයෙකු පාපැදි ධාවනයෙන් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, පැයක කාලයක් තුළ කිලෝමීටර් 22.5 ක් පාපැදිය ධාවනය කරමින්.

වයස අවුරුදු 105 ක පුද්ගලයෙකු විසින් වාර්තා කර ඇති වේගවත්ම පාපැදි ධාවනය මෙයයි.

මෙම දක්ෂතාව දැක්වූ පුද්ගලයා රොබට් මර්චාන්ඞ් නමැති ප‍්‍රංශ ජාතිකයෙක්.

වයස අවුරුදු සියය ඉක්ම වූ පුද්ගලයෙකු වාර්තා කළ වේගවත්ම පාපැදි ධාවනයට ද රොබට් මර්චාන්ඞ් හිමිකම් කියනවා.

පැයක කාලයකදී කිලෝමීටර් 26.9 ක් පාපැදිය ධාවනය කරමින් ඉකුත් 2012 වසරේදී ඔහු එම වාර්තාව පිහිටුවනු ලැබුවා.