Friday, April 19, 2024

General line - 0115112241

බැංකුවකින් මුදල් ගන්න ඇවිත් ලොව වයස්ගතම පුද්ගලයා ලංකාවෙන් හමුවේ – උපත 1847 වයස 169යි



වයස අවුරුදු 169ක් වූ අයකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ බැංකුවකින් මුදල් ගැනීමට ගොස් මහත් කලබලයක් සිදුවූ පුවතකි මේ.

ඔහු නමින් නුගේ ආරච්චිලාගේ නෙල්සන් සිල්වාය.

දෙල්තොට වැටකේ පොත අංක 99 වසමේ දියමංකඩ පදිංචි මොහු ගමේම සුළු වෙළෙඳාමක් කර ජීවත් වන්නෙකි.

ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කළද මොහුට එය ලැබී නොමැති නිසා වැඩිහිටි හැඳුනුම්පතට ඉල්ලුම් කොට ඇත.

ඒ අනුව 2016.08.30 වැනි දින මොහුට වැඩිහිටි හැඳුනුම්පතක් ලැබී තිබේ.

1946.09.30 දින උපත ලද මොහුට මෙම හැඳුනුම්පතේ උපන් දිනය සඳහන් කොට ඇත්තේ 1847.08.30 ලෙසය.

ඒ අනුව මොහුට දැන් වයස අවුරුදු 169කි.

ජාතික හැඳුනුම්පත නොමැති මොහුට තම රාජකාරි කටයුතු කර ගැනීමට යෑමේදී මෙම වැඩිහිටි හැඳුනුම්පත දීමට සිදුවීමෙන් බොහෝ කටයුතුවලදී අපහසුතාවලට පත්වීමට සිදුවන බව මොහු සඳහන් කරයි.