Thursday, April 25, 2024

General line - 0115112241

‘තෙරේසා මේ’ ගේ තීරණ ලක් රජයට දැනෙයි




බි‍්‍රතාන්‍යය ආණ්ඩුව ඉදිරියේදී ගන්නා තීන්දු තීරණ හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයටද බලපෑම් එල්ල විය හැකි බව රජය පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසුවේ බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමය සමග ඉදිරියේදී සිදුකරන සාකච්ඡා මෙහිදී තීරණාත්මක වනු ඇති බවයි.

බි‍්‍රතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස ‘තෙරේසා මේ’ මහත්මිය පත්වීම සහ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් ලෙස ලියම් ෆොක්ස් මහතා පත්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව ඉරාන් වික‍්‍රමරත්න මහතා සමග නෙත් නිවුස් සංවාදයේ නිරත වුණා.

එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයනවලින් තුනෙන් එකක් පමණ බ්‍රිතාන්‍යට යන බවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ නම් එහි අවාසි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාවට අත්වෙන බවයි. එහිදී ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය සමග වෙළඳ ගිවිසුමකට එළඹීමට සිදු වෙනු ඇති බවත් සඳහන් කළා.

(එම සංවාදය පහතින් අහන්න)