Friday, March 29, 2024

General line - 0115112241

ලංකාවෙන් හමුවූ ලොව වයස්ගතම පුද්ගලයාගේ “හැඳුනුම්පත“ මෙන්න (PHOTOS)



වාර්තා පොතට නොගිය ලොව වයස්ගතම මිනිසා පසුගිය දෙසැම්බර් 31දා තම 146 වැනි උපන්දිනය සමරන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ජනවාරි 01දාම වාර්තාකර තිබුණි. ඒ අල්ලපනල්ලේ මහනුවර දෙල්තොට ප්‍රදේශයෙන් වාර්තා වූයේ වයස අවුරුදු 169ක තැනැත්තකු බැංකුවක් වෙත ආ පුවතකි.

නමින් නුගේ ආරච්චිලාගේ නෙල්සන් සිල්වා වන ඔහු දෙල්තොට වැටකේ‍පොත අංක 99 හි පදිංචි මොහු සුළු ව්‍යාපාරිකයෙකි.

ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කර ඇතත් එය ප්‍ර‍මාද බැවින් වැඩිහිටි හැඳුනුම්පතට ඉල්ලුම් කොට ඇත. ඒ අනුව 2016.12.23 වන දින මොහුට වැඩිහිටි හැඳුනුම්පතක් ලැබි ඇත. 1946 සැප්තැම්බර් 30 දින උපත ලද නෙල්සන් සිල්වා ලද මෙම හැඳුනුම්පතේ උපන් දිනය සඳහන් කොට ඇත්තේ 1847.08.30 ලෙසය. ඒ අනුව මොහුට දැන් වයස අවුරුදු 169වේ.

oldest-man-www-nethgossip-lk00003

oldest-man-www-nethgossip-lk00001 oldest-man-www-nethgossip-lk00002