Saturday, April 20, 2024

General line - 0115112241

තුර්කියේ අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්




තුර්කියේ අධිකරණ ගොඩනැගිල්ලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිඛෙනවා.

ඉන් පොලිස් නිලධාරියෙකු සහ තවත් සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි බී බී සී ලෝක සේවය වාර්තා කළේ.

ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු තුර්කි ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණා.

ඉකුත් පළමුවනදා ද තුර්කියේ ඉස්තාන්බුල් නුවර රාත්‍රී සමාජ ශාලාවකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පසුව එහි වගකීම භාරගනු ලැබුවේ අයි එස් සටන්කාමීන් විසින්.

_93278053_mediaitem93278050 _93278056_037117577-1