Thursday, March 28, 2024

General line - 0115112241

තිසර පෙරේරා ඕස්ට්‍රේලියාවට




ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඕස්ටේ්‍රලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් පන්දුවාර 20 තරගාවලිය සදහා එක්ව තිඛෙනවා.

ඒ, මෙල්බර්න්, රෙනගට්ස් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි. ආබාධයට ලක් වූ කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඩ්වේයින් බ්‍රාවෝ වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැදවා තිඛෙනවා.

තිසර පෙරේරා මෙවර බිග්බෑෂ් පන්දුවාර 20 තරගාවලියට එක්වන තුන්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වනවා.

හොබාට් කණ්ඩායම නියෝජනය කරමින් කුමාර් සංගක්කාරත් ඇඩිලේඩ් කණ්ඩායම නියෝජනය කරමින් මහේල ජයවර්ධනත් මෙවර මෙවර බිග්බෑෂ් තරගාවලියට එක්ව සිටිනවා.