Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සියලු පහසුකම්




ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට මේ වන විට සපයා දී තිඛෙනවා.

පහසුකම් නොමැති වීම නිසා ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වීම ද මුලින් පැවතියේ අවිනිශ්චිත තත්ත්වයකයි.

ඒ පිළිබද නෙත් නිවුස් කළ අනාවරණයෙන් පසු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ද උපදෙස් පරිදි අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

අදාළ ගුවන් ටිකට්පත් සදහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ලබා දී ඇති මුදල රුපියල් දස ලක්ෂ තුන්දහසක්.

ලෝක කුසලාන තරගාවලිය මෙම මස අගදී ආරම්භ වීමට නියමිතයි.