Thursday, April 25, 2024

General line - 0115112241

සණස නෙළුම් මල් පූජාව




එස්.ඩී.බී. බැංකුවේ අනුග්‍රහයෙන් සණස මහා සංගමය සහ සණස ව්‍යාපාරයට අනුබද්ධ සියලූම ආයතන ඒකාබද්ධව සංවිධාන කෙරෙන වාර්ෂික නෙළුම් මල් පූජාවක් අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද සිදුකෙරෙනවා.

මෙම පිංකම ආරම්භ වන්නේ විචිත්‍ර පෙරහැරකින් බවයි එස්.ඩී.බී. බැංකුවේ අලෙවි ප්‍රධානී සමීර ලියනගේ කියා සිටියේ.

මෙවර මෙම පිංකම සංවිධාන කෙරෙන්නේ අඛණ්ඩව 17 වන වරට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.