Thursday, April 18, 2024

General line - 0115112241

යුවරාජ් යළි කැඳවයි




තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාජ් සිං යළි ඉන්දීය එක්දින කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඒ, වසර 04කට පසුවයි. දකුණු අප‍්‍රිකාව සමග 2013 වසරේ පැවති තරගය ඔහුගේ අවසන් එක්දින තරගය වුණා. යුවරාජ් සිං මෙලෙස ඉන්දීය කණ්ඩායමට කැඳවා ඇත්තේ එංගලන්ත තරගාවලිය සඳහායි.

එංගලන්තය සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලී හට හිමිව තිබෙනවා. ඒ, මහේන්ද්‍ර සිං දෝණි නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන්. කෙසේ වෙතත් ඔහු ද එළඹෙන එංගලන්ත තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය කණ්ඩායමට ඇතුළත්.