Tuesday, April 16, 2024

General line - 0115112241

ප්‍රංශ පුවත් සේවයේ වාර්තාකරුට ප්‍රහාරයක්! මාධ්‍ය නඩය මග හිරවේ! (PHOTO)




ප්‍රංශ පුවත් සේවයේ ඡායාරූප ශිල්පී ඉෂාර එස් කොඩිකාර හම්බන්තොට අද (07) පැවති නොසන්සුන්කාරී තත්වය වාර්තාකරමින් සිටියදී ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා තිබෙනවා. ඔහුගේ හිසට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

එම මාධ්‍ය කණ්ඩායමේ තවත් කිහිප දෙනෙකුටද ප්‍රහාර හේතුවෙන් සුළු තුවාල සිදුව ඇති අතර උපකරණ වලටද සුළු හානි සිදුව තිබෙනවා.

හම්බන්තොට පැවති අයෝජන ප්‍රවර්ධන කලාපය ආරම්භ කිරීමේ උත්සවය වාර්තා කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුමේන්තුව විසින් කැඳවාගෙන ගිය මාධ්‍යවේදීන් රැගත් බස් රථයද නැවත කොළඹ බලා පැමිණිම ප්‍රමාධ වූ බවයි එහි සිටින මාධ්‍යවේදීන් පවසන්නේ. ඒ අතරමගදී කඩාකප්පල්කාරීන් විසින් රථ වාහන වලටද ප්‍රහාර එල්ල කරන බව වාර්තාවීම හේතුවෙනි.

 

ishara