Thursday, March 28, 2024

General line - 0115112241

දෝණි වෙනුවට අවුරුදු 19ක ක්‍රීඩකයෙක්!




එංගලන්තය සමග පැවැත්වෙන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝණිගේ ස්ථානයට වයස අවුරුදු 19 ක නවකයෙකු කැඳවා තිබෙනවා. පළමු පෙල තරග 10 කට පමණක් සහභාගී වී ඇති රිශෝබ් පාන්ට් නම් වූ ඔහු දෝණි මෙන්ම කඩුලූ රකින්නෙකු හා පිතිකරුවෙක්.

මෙම තරගාවලියට වසර හතරකට පසු තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාජ් සිං යළි ඉන්දීය එක්දින කණ්ඩායමට කැඳවීම ද විශේෂත්වයක්. එංගලන්තය සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලී හට හිමිව තිබෙනවා. ඒ, මහේන්ද්‍ර සිං දෝණි නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන්.