Thursday, April 25, 2024

General line - 0115112241

සඳුදා වැඩ නෑ කියූ 119 වැඩලු




119 පොලිස් හදිසි ඇමතුම් මධස්ථානයේ දුරකතන ජාලයේ අලූත් වැඩියාව ලබන සඳුදා සිදු නොවන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා. නොවැළැක්විය හේතුවක් මත අදාළ දුරකතන සමාගමට එදිනට එම අලූත්වැඩියාව සිදු කළ නොහැකි බවට දන්වා ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ අලූත් වැඩියාව සිදු කිරීමට නියමිතව තිබුණේ ලබන සඳුදා අලූයම 4 සිට උදෑසන 6 දක්වා කාලය තුළයි. කෙසේ වෙතත් අලූත්වැඩියාව සිදු නොවන බැවින් එදිනට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයේ කිසිදු විසන්ධි වීමක් සිදු නොවන බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළා.