Friday, April 26, 2024

General line - 0115112241

ට්‍රම්ප් බුද්ධි අංශ ලොක්කා වෙනස් කරයි




අමෙරිකාවේ නව බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස ඩෑන් කෝස්ට් පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින්. ඔහුගේ පාලන සමයේදී මෙම වෙනස්කම සිදුවෙනු ඇති.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ට‍්‍රම්ප්ගේ මැතිවරණ ජයග‍්‍රහණයට රුසියාව සහය ලබාදුන් බවට බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වී දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

ට‍්‍රම්ප්ට රුසියාව සහය ලබාදුන් බවට පසුගිය සමය පුරා විවිධ ආරංචි පැතිර ගිය ද බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකුණේ.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසන්නේ නව බුද්ධි අංශ ප‍්‍රධානියා මෙම තනතුරේ වගකීම ගැඹුරින් වටහාගෙන කටයුතු කළ හැකි ප‍්‍රවීණයෙකු බවයි.

ට‍්‍රම්ප්ගේ නව ආණ්ඩුවේ ප‍්‍රධාන තනතුරු රැසකට පත් කරන පුද්ගලයින් පිළිබඳ නිල වශයෙන් මේ වනවිටත් තොරතුරු අනාවරණ වී අවසන්. ඔහුගේ කැබිනට් මණ්ඩලයට මෙතෙක් පත්කර නැත්තේ අමාත්‍ය ධුර දෙකකට අදාළ පුද්ගලයින් පමණයි.