Thursday, April 25, 2024

General line - 0115112241

බැග්ඩැඩ් නුවරට කාර් බෝම්බ ප‍්‍රහාරයක්




ඉරාකයේ බැග්ඩැඩ් නුවර නැගෙනහිර ප‍්‍රදේශයට අද (08) කාර් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා.

ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 12ක් සහ තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැක කටයුතු ලෙස ධාවනය වූ මෝටර් රථයට ආරක්ෂක නිලධාරීන් වෙඩි තැබීමත් සමග එය පැදවූ රියදුරා බෝම්බය පුපුරුවාගෙන තිබුණා.

කෙසේ වෙතත් ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාරගෙන නැහැ.