Friday, March 29, 2024

General line - 0115112241

තිරසර යුගයක තෙවසරක ඇරඹුම ජනපති ප්‍රධානත්වයෙන් (PHOTOS)




ජනපති පදවි ප‍්‍රාප්ති දෙවන වර්ෂ පූර්ණය නිමිත්තෙන් සංවිධාන කෙරුණු තිරසර යුගයක – තෙවසරක ඇරඹුම ජාතික උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවැත්වුනා . ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඊට එක්ව සිටියා.

පස්වරු 3ට පමණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප‍්‍රාප්තියත් සමග උත්සව සභාවේ වැඩ ආරම්භ කෙරුණා. ඊට පෙර ජනාධිපතිවරයා තමන් සම්බන්ධයෙන් පුවත්පත්වල පළවූ කාටූන් පෙළක් නැරඹීමටද සහභාගී වීම විශේෂත්වයක්.

මෙම උත්සවයේ විශේෂ ආරාධිතයා වන ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රධාන අමාත්‍ය ශ‍්‍රී චන්ද්‍රබාබු නයිදුගේ විශේෂ දේශනයක්ද එහිදී පැවැත්වුණා.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26