Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව රගර් ක්‍රීඩකයෙකුත් පිටියට එයි




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා වේග පන්දු යවන කී‍්‍රඩක ඩුආනේ ඔලිවර් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ කයිල් ඇබට් වෙනුවටයි.

දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කැඳවා ඇති මෙම නවක කි‍්‍රඩකයා පාසල් සමයේ රග්බි කී‍්‍රඩකයෙකු ද වනවා.

ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා තුන්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 12 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජොහැන්නස්බර්ග් හිදියි. එහි තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක බවයි විචාරකයින් පවසන්නේ.